විනය ගරුක සමාජයකින් තොර ඉදිරි ගමනක් නැත – ජනාධිපති ගෝඨාභය
එළැඹ ඇති පොසොන් සමය අවිහිංසාවාදිව බුදු දහමේ ප්‍රභාව ලොවට හෙළි කිරීමට අවස්ථාව කර ගැනීම අනුබුදු මිහිඳු මාහිමියන්ට කළ හැකි වටිනාම උපහාරය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
අද (05 වැනිදා)ට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසන ජනාධිපතිවරයා එහි මෙසේද සඳහන් කර ඇත.
සැමට සාධාරණය ඉටුවනුයේ ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන්, විනයගරුක හා සමෘද්ධිමත් සමාජයක බව අපගේ විශ්වාසයයි. යථෝක්ත පදනමෙන් තොර ගමනක් ශ්‍රී ලාංකිකයන් වන අපට නොමැත යනුවෙන්ද සඳහන් කරයි.
