News

ඉදිරි දිනවල දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග කොටස් වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, වයඹසහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.50 ටවැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

මීට අමතරව උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟ වේගය වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද සුළ සහ අකුණු මගින් සිදුවන හානි අවම කර ගැනීමට කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.