News

ලෙබනනයේ සිටින ලාංකිකයින්ට PCR පරීක්ෂණය නොමිලේ

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සහ ලෙබනන් කම්කරු අමාත්‍ය ලැමියා යම්මින් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට පැමිණි බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රි ලංකිකයින් 300 කට අධික පිරිසක් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ද තානාපතිවරිය මෙහිදී පවසා තිබේ.

මොවුන් සංක්‍රමණික කම්කරුවන් ලෙස එරට රැදී සිටින අතර ඔවුන්ට සේවා නොලැබීම, වැටුප් ගැටලු සහ සෞඛ්‍ය ගැටලු පවතින බවට මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඊට ලබා දිය හැකි විසදුම් සම්බන්ධයෙන් ද ලෙබනන් කම්කරු අමාත්‍යවරිය ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුවත් කර තිබේ.