වැඩි මිලට පොහොර විකුණුවොත් නඩු
කෘත්‍රිම පොහොර හිඟයක් නිර්මාණය කර වැඩි මිලට පොහොර අලෙවි කරන ඒජන්තවරු පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදී ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ මහේෂ් ගම්මන්පිල ප්‍රකාශ කරයි.
ඒ සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද ඔහු පවසයි.
‘‘තවදුරටත් රටේ පොහොර හිඟයක් තිබෙනව කියල අහන්න ලැබෙනව. පොහොර ප්‍රමාණවත් තරමින් රටේ තියෙනවා. අවශ්‍ය තරමින් බෙදාහැරලත් තියෙනවා.
සියලුම දිස්ත්‍රික්කවල අවශ්‍යතාවලින් සීයයට අනූවකට වඩා පොහොර බෙදාහැරලයි තියෙන්නේ’’ යැයි පවසන අධ්යක්ෂවරයා පොහොර හිඟයක් පවතින බව ප්‍රචාරය කරමින් බොහෝ පොහොර ඒජන්තවරු පොහොර වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවද පවසයි.
පොහොර මිල සම්බන්ධයෙන් ගැටලු ඇතිකරන්නේ ඒජන්තවරු. ඔවුන්ට අවශ්‍ය මිල වැඩි කරන්න. මේ තත්ත්වය පාලනය කරන්න අපි අලුත් චක්‍රලේඛයක් හඳුන්වා දුන්නා.
දැන් ඒජන්තවරු පොහොර ලබාදිය යුත්තේ ගොවීන්ගේ නම, හැඳුනුම්පත් අංකය, පොහොර වර්ගය, ලදුපත් අංකය යන සියලු කරුණු සටහන් කරගෙන.
එහෙම නොකරන ඒජන්තවරු පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්න කියල මම උපදෙස් දීල තිබෙනවා’’ යැයිද හෙතෙම වැඩිදුරටත් කියයි.
නයන තරංග ගමගේ
