News

කොල්ලුපිටියේදි විරෝධතාවයක් පැවැත්වීමට ගිය දසදෙනෙකු පොලිස් අත්අඩංගුවට

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් දසදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම විරෝධතාවය සංවිධානය කළේ ඇමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය හෙළා දකිමින්.

අද පැවැත්වීමට නියමිතව තිබූ මෙම විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් ඊයේ (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එය වළක්වමින් නියෝගයක් ලබාගෙන තිබුණි.

කෙසේ වෙතත් එය නොතකා අද දහවල් කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කිරීමට ගිය විරෝධතාකරුවන් දසදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.