News

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට ලොව පුරා වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 406,807ක් බව ජෝන්ස් හොප්කිංග්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අංශය පවසයි.

වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් තවදුරටත් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 111,007ක්.

ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,961,185ක්.

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.

එම සංඛ්‍යාව 40,680ක්.

ඊට අමතර බ්‍රසීලයෙන් මරණ 37,134ක්, ඉතාලියෙන් මරණ 33,964ක්, ප්‍රංශයෙන් මරණ 29,212ක් ස්පාඤ්ඤයෙන් මරණ 27,136ක්, මෙක්සිකෝවෙන් මරණ 14,053ක්, බෙල්ජියමෙන් මරණ 9,606ක්, ජර්මනියෙන් මරණ 8,727ක්, ඉරානයෙන් මරණ 8,351ක්, කැනඩාවෙන් මරණ 7,910ක් සහ ඉන්දියාවෙන් මරණ 7,478ක් වාර්තා වේ.

ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 707,412ක්.

ඊට අමතරව රුසියාවෙන් ආසාදිතයින් 484,630ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 288,834ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 267,249ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 241,717ක් සහ ඉතාලියෙන් ආසාදිතයින් 235,278ක් වාර්තා වේ.