News

මහ මැතිවරණය අගෝස්තු 05 වැනිදා

මහ මැතිවරණය අගෝස්තු මස 05 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති රැස්වීමේදී මේ බව තීරණය කර ඇත.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව නිවේදනය කළේය.