මහ මැතිවරණ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි
මහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට අදාල ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත.
අද (10) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බවයි.
ජූනි මස 20 වන දා පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය, 2020 අගෝස්තු මස 5 වන දින පැවැත්වීමට සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කළේය.

