News

ණයක් ගෙන මහපොළ දෙන්න සූදානම්

විශ්ව විද්‍යාල සිසුන් සඳහා ගෙවිය යුතු මහපොළ වාරිකය ණයක් ලබා ගෙන හෝ ගෙවීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් 19 හේතුවෙන් රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව සඳහන් කල අමාත්‍යවරයා මහපොළ ගෙවීමට මාසිකව රුපියල් මිලියන 160ක පමණ මුදලක් වැයවන බව සඳහන් කරයි.

මෙම මුදලින් සියයට 51ක් මහපොළ අරමුදලින් ලබා ගන්නා අතර ඉතිරි සියයට 49 මහ බාණ්ඩාගාරය විසින් ලබා දෙයි