News

ඡන්ද පත්‍රිකා සියයට පනහක් මුද්‍රණය කර අවසන්

පාර්ලිමේන්තු මැතිවරණයට යොදා ගන්නා ඡන්ද පත්‍රිකාවලින් සියයට පනහක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිටත් භාරදී තිබේ.

මීට අමතරව යාපනය ඇතුළු දිස්ත්‍රික්ක හතරක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර අද (15 වැනිදා) මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට හැකිවනු ඇතැයි කී මුද්‍රණාලායාධිපතිනිය නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරේ පවතින බවද සඳහන් කළාය. මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ වෙනත් ලේඛන මුද්‍රණය කිරී‍ම් සිදුකරගෙන යන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

සාලිය කුමාර ගුණසේකර