මෙරට සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් දිවයිනට රැගෙන යයි
ශ්රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ආපසු ඉන්දියාවට යෑමට නොහැකිව මෙරට සිරවී සිටි ඉන්දීය සංචාරකයන් 153 දෙනෙකු අද (15) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි- 1202 දරණ විශේෂ ගුවන් යානයක් මගින් අද උදෑසන 10.15 ට ඔවුන් ඉන්දියාවට ගොස් ඇති අතර මෙම ගුවන් යානයේ පළමු ගමනාන්තය ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපළයි.
දෙවනුව එම ගුවන් යානය බැංගලෝර් ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිත අතර ඉන්දියාව වෙත යෑමෙන් පසු දින 07 ක් එම ගුවන් තොටුපළ අසළ හෝටල්වල ද , තවත් දින 07 ක් එම ඔවුන්ගේ නිවෙස් තුළ ද නීරෝධායනය වීමට නියමිතයි.
