News

කල්එළියේදී මද්‍රසා පාසල්වල උගත් අටක් කඩුවක් සමග අත්අඩංගුවට

මද්‍රසා පාසල්වල උගත් දැනට පූජකවරුන් ලෙස කටයුතු කරන හතරදෙනෙක් ඇතුළු අට දෙනෙකු කල්එළිය ප්‍රදේශයේ නිවසක සිටියදී පල්ලෙවෙල පොලිසිය විසින් පෙ​රේදා (14 වැනිදා) කඩුවක්ද සමගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කොළඹ නිට්ටඹුව තිහාරිය හා හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

එකම මද්‍රසා පාසලක ඉගෙනුම ලබා ඇති මොවුන් අටදෙනාගෙන් හතරදෙනෙකු පසුව පූජකයන් ලෙසින් ආගමික කටයුතුවලට සම්බන්ධ වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පොලිස් පරීක්ෂණවලදී මෙම පුද්ගලයන් කියා ඇත්තේ මිතුරකුගේ විවාහ මංගල්‍යයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම ප්‍රදේශයට පැමිණි බවකි.

පල්ලේවෙල පොලිසිය විසින් මෙම සැකකරුවන් පිළිබඳව ඔවුන් පදිංචි ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් තොරතුරු ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.

හේමන්ත ලියනපතිරණ