News

ඇප ලබා මාසයක් යන්නටත් පෙර නැවතත් කුඩු විකුණා මාට්ටු

හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 170 ක් අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි පුද්ගලයෙකුව මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් සුදුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අවිවාහක අයෙකුවය. පොලිස් විශේෂ කාර්යංශයේ සහ මාදම්පේ පොලීසියේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කරන ලද කරුණු සොයා බැලීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු මීට පෙර හෙරෝයින් මත් කුඩු අලවි කිරීම සදහා ළග තබා ගැනීමේ චෝදනාවට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇත. ඔහු අධිකරණයෙන් ඇප ලබා පැමිණ මාසයක කාලයක් ලත වීමට පෙර නැවතත් හෙරෝයින් මත් කුඩු සමග පොලිස් නිලධාරීන්ට කොටු වී ඇත.

පිටස්තර ප්‍රදේශ වලින් හෙරෝයින් මත් කුඩු ගෙනවිත් කුඩා ප්‍රමාණයේ පැකට් වල අසුරා මාදම්පේ සහ අවට අලවි කිරීම සැකකරු විසින් සිදු කර ඇති බව වැටලීම කළ නිලධාරීන් කියයි.