කෝටි 6කට අධික වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
කටුනායක කුරන ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 6යි ග්‍රෑම් 137ක් සමග සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සදහන් කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ලද තොරතුරක් මත ඊයේ (15) රාත්‍රී 9.40ට පමණ මෙම වැටලීම සිදුකළ බවයි.
අදාළ හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක කුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

