News

විග්නේශ්වරන්ට එරෙහිව වවුනියාවේ අත්පත්‍රිකා බෙදා හැරේ

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාට එරෙහිව අද(02) අලුයම වවුනියාව නගරයේ අත්පත්‍රිකා බෙදා ඇති බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති.

වවුනියාව ප්‍රදේශවාසීන් පැවසූවේ තාණ්ඩිකුලම ප්‍රදේශයේ හා වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක අදාළ අත්පත්‍රිකා බෙදා හැර තිබු බවයි. විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් බිහිකළ දෙමළ මහජන සභාව සංවිධානයේ හා නව පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අද(02) වවුනියාව නගරයේ රැස්වීමක් සංවිධානය කොට ඇති අතර, ඊට සමගාමීව අදාළ අත්පත්‍රිකා බෙදා හැර ඇති බවයි.

වවුනියාව දිස්ත්‍රික්කයේ සිදුකිරීමට නියමිතව පැවති සංවර්ධන වැඩසටහන රැසක් විග්නේශ්වරන් මහතා ප්‍රධාන අමාත්‍යධූරය දරන සමයේ නවතා දැමු බවත්,හෙතෙම වවුනියාව දිස්ත්‍රික්කය සංවර්ධනය අවධානය යොමු නොකළ බවත් සදහන් කරමින් වන්නි ජනතාව යනුවෙන් අදාළ අත්පත්‍රිකාව බෙදා හැර තිබිණ.

එවන් පුද්ගලයෙකුගෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සිදුකර ගැනීමට නොහැකි තත්වයක් පවතින බව අත් පත්‍රිකාවේ සදහන්වන පවතින බවද ප්‍රදේශවාසීන් පවසති.

වව්නියාව – මාධව කුලසේකර