News

තැපැල් ඡන්දය ජූලි 14 සිට 17 දක්වා

පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනයන්හි දී පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ජූලි මස 16 වැනිදා සහ 17 වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතය.

අනෙකුත් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි මස 14 වැනිදා සහ 15 වැනිදා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ජූලි මස 20 සහ 21 වැනිදා සිය සේවා ස්ථානය පිහිටා තිබෙන දිස්ත්‍රික්කයේ. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්දදායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම හෙට (18දා) සිදු කෙරෙන බවත්, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට භාරදීම මෙමස 30 වැනිදා, ජූලි මස 01 සහ 02 යන දිනවලදී සිදු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සාලිය කුමාර ගුණසේකර