කොවිඩ්-19 ආසාදනය වූ තවත් 26ක් පූර්ණ සුවය ලබයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 26දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට තුළ පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් ගණන 1,397ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 1915ක්.
ඉන් ආසාදිතයින් 507දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11ක්.
