News

සතියකට දිනක් බතික් අඳින්න

පාර්ලිමේන්තු සතියකදී එක් දිනක් මැති ඇමැතිවරුන් බතික් ඇඳුමකින් සැරසී පැමිණීමේ යෝජනාවක් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී අවධානයට ලක්වූ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ පැවැසීය.

එම අමාත්‍යංශයේදී ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගියදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදී දේශීය රෙදිපිළි කර්මාන්තයේ යෙදෙන පිරිස දිරිමත් කිරීම උදෙසා ගනු ලැබූ තීරණවලදී මේ පිළිබඳවද සාකච්ඡා වූ බව ඇමැතිවරයා කීවේය.

මීට අමතරව රාජ්‍ය සේවකයන් සිකුරාදා දිනවලදී බතික් ඇඳුමකින් සැරසී කාර්යාලයට වාර්තා කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත.

ශිරන්තනි මානවඩු