මුන්දලම මද්‍රසා පාසලේ ඉගැන්වීම්වලින් ළමයින් ප්‍රචණ්ඩ වෙනවාද?
පුත්තලම, මුන්දලම මද්‍රසා පාසලේ ඉගැන්වීම් සඳහා යොදාගත් ග්‍රන්ථ තුනක කරුණු මගින් ළමුන් ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් සිදු කරන්නේ දැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාට ඊයේ (17 වැනිදා) නියෝග කළේය.
රහස් පොලිසියේ නිලධාරීන් අධිකරණය වෙත කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් අදාළ මද්‍රසා පාසල පවත්වාගෙන ගිය බව වාර්තා වෙයි.
ඉෂාර රත්නකාර
