ජනපතිගේ අවවාදවලින් පසු මහ බැංකුවෙන් යෝජනා රැසක්
බලපත්‍ර ලාභී සියලුම වාණිජ බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට දෙක දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (16 වැනිදා) තීරණය කර ඇත.
ව්‍යාපාරික සංචිත අනුපාතය මෙසේ අඩු කිරීම නිසා දේශීය මුදල් වෙළෙඳපොළට රුපියල් බිලියන එකසිය පහළොවක ද්‍රවශීලතා වත්කම් සැපයේ. එමගින් බලපත්‍ර ලාභී වාණිජ බැංකුවලට ණය නිකුත් කිරීම වේගවත් කිරීමටත් හැකිවන බව මහ බැංකුව ප්‍රකාශ කර සිටී.
රට ගොඩනඟන විසඳුම වහා ලබාදෙන ලෙස ජනාධිපතිවරයා පෙරේදා මහ බැංකු නිලධාරීන්ට කළ දැනුම්දීම අනුව මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
මීට අමතරව ආර්ථිකය යළි නඟා සිටුවීමට සහාය වීම සඳහා දේශීය ව්‍යාපාරවලට සියයට හතරක සහන පොලී අනුපාතිකයක් යටතේ නව ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර තිබේ.
ඒ අනුව මහ බැංකුවේ ප්රතිමූල්ය පහසුකම් යටතේ වාණිජ බැංකු වෙත මේ වන විටත් ලබාදී ඇති රුපියල් බිලියන 27.5ක මුදලට අමතරව සියයට එකක සහන පොලී අනුපාතය යටතේ රුපියල් බිලියන එකසිය පනහක් සපයන බවද මහ බැංකුව පවසයි.
මෙම නව ණය යෝජනා ක්‍රමය පිළිබඳ උපදෙස් හැකි ඉක්මනින් නිකුත් කරන බවද මහ බැංකුව පවසයි.
අජිත් අලහකෝන්
