රටවල් 115ක ගුවන් තොටවල් වහලා
කොවිඩ් වයිරසය පැතිර යාම හේතුවෙන් රටවල් 115ක ගුවන් තොටුපොළවල් වසා දමා ඇති බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසීය.
සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී ඊයේ (17 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව පැවසුවේය.
එම වාර්තාවේ දැක්වෙන පරිදි දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 57ක් දැඩි සෞඛ්‍ය නීතිරීති යටතේ ගුවන් තොටුපොළවල් විවෘත කර ඇති බවද ඔහු කීවේය
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මාර්තු 19 වැනිදා සිට වැසීමෙන් පසු ඩුබායි, මස්කට්, බහරේන්, ඇමරිකාව ආදී රටවල්වල සිට 10,000ක පමණ පිරිසක් මෙරටට පැමිණ ඇතැයිද මෙහිදී අනාවරණය විය.
සාලිය කුමාර ගුණසේකර
