ලංකාවේ සංචාරකයන් ගැන ප්‍රංශයෙන් අනාවැකි
මෙම නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී මෙරටට විදෙස් සංචාරකයන් 50,000ක් 60,000ක් පමණ පැමිණෙනු ඇතැයි ප්‍රංශයේ ආයතනයක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් පුරෝකථනය කර ඇතැයි සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි පැවසීය.
සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ඊයේ (17දා) පැවති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව පැවසුවේය.
සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර රැසක් ගෙන ඇතැයිද ඔහු කියයි.
සාලිය කුමාර ගුණසේකර
