ඉරානයෙන් තෙල් ලංකාවෙන් තේ
ඉරානයේ තෙල් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තේ ලබාදීමේ නව ගිවිසුමකට එළැඹීමට දෙරට සූදානම් වේ.
මීට අදාළ දේශීය පාර්ශ්වකරුවන් වන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය මේ වන විටත් තම පාර්ශ්වයෙන් ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් බව තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ පැවසීය.
මෙම ගිවිසුමට අනුව ඉරානයෙන් ආනයනය කෙරෙන තෙල් වෙනුවෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන පහක උපරිමයක තේ ප්‍රමාණයක් එරටට යැවීමට නියමිතය.
ගිවිසුම අත්සන් කිරීමට මෙතෙක් නියමිත දිනයක් යොදාගෙන නොමැති නමුත් ගිවිසුම පිළිබඳ අවසන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව වාර්තාවේ.
ඉරානයට පනවා ඇති එක්සත් ජනපද සම්බාධකවලින් අනතුරුව පසුගිය වසර කිහිපය තුළ නව තෙල් ගිවිසුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉරානය සමග සාකච්ඡා පවත්වා ඇති නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාර්ශ්වයෙන් සිදුවූ යම් යම් ප්‍රමාද කිරීම හේතුවෙන් ගිවිසුමකට එළඹීමේ කටයුත්ත ප්‍රමාද වී ඇතැයි වාර්තා සඳහන් කරයි.
2019 අවසන් වන විට මෙම ගිවිසුම කෙටුම්පත් කර ඇති අතර මේ වන විට ඊට විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.
නයන තරංග ගමගේ
