ශ්‍රීලනිප ප්‍රතිසංවිධානයක් ඡන්දෙන් පස්සේ- හිටපු ජනාධිපති
මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙර තිබූ තත්ත්වයට පත් කරමින් පක්ෂය හැර ගිය පිරිසද එක් රැස් කර ගනිමින් ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට නියමිතය. මෙහිදී පක්ෂයේ ශාඛා සමිතිද ශක්තිමත් කිරීමට තීරණය කර ඇත.
මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඉදිරිපත් වන නුවරඑළිය, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කවල වෙනම සම්මේලනද පවත්වන බව පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික් සම්මේලනය පසුගිය සිකුරාදා පැවැත්විණි. අනෙකුත් මැතිවරණ දිස්ත්‍රික්කවල මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඉදිරිපත්ව සිටියි.
උදයජීව ඒකනායක
