News

විදෙස්ගත ලාංකිකයන් 23දෙනෙකු කොරෝනාවට බිලිවෙලා

විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 23 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුවේට්, ඩුබායි, අබුඩාබි, සෞදි අරාබිය සහ ඕමානය යන රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයෝ පිරිසකි.

මෙම ශ්‍රමිකයන් 23 දෙනා මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා කාල සීමාවේ මියගොස් තිබේ.

ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු රක්ෂණාවරණ, වන්දි දීමනා, හිඟ වැටුප් ආදිය ඔවුන්ගේ පවුල් වෙත ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ රටවල තානාපති කාර්යාල හා එක්ව කටයුතු කරන බව පවසයි.

 

 

අශිකා ජයවීර