News

හරීන් වෙනුවෙන් සජිත් කාදිනල් හිමිගෙන් සමාව ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබද හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ඉල්ලා තිඛේ.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කළේ පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට කතෝලික ඡන්ද අහිමි කළේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් බවයි.

මේ අතර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ හරීන් ප්‍රනාන්දු මහතා සමස්ත ජාතියෙන්ම සමාව ගතයුතු බවයි