News

තමන්ව ඝාතනයට විවිධ කුමන්ත්‍රණ සිදුවෙනවා- මෛත්‍රී

හිඟුරක්ගොඩ කොට්ඨාස කාන්තා බල මණ්ඩලයේ සමුළුව  6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ තාරුකා මණ්ඩපයේ දී පැවැත්වුණා.

ඒ සඳහා විශාල කාන්තා සහභාගීත්වයක් සිදු වූ අතර එම සුවිශේෂී සමුළුව ආමන්ත්‍රණය කරන ලද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ජනාධිපතිවරයාව සිටි වසර පහකට ආසන්න කාල පරිච්ඡේදය තුළ මත්ද්‍රව්‍ය විරෝධී සටන ඉතාම කාර්යක්ශම ආකාරයෙන් සිදු කරගෙන ගිය බවත් මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම වෙනුවෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සිදුකරන ලද අතර ම එහි දී ලොව ප්‍රථම වරට ජනාධිපතිවරයා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එයට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ බවක් ය .

එවැනි තත්වයකට මුහුණ දුන් ලොව එකම ජනාධිපතිවරයා තමන් වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එපමණක් නොව මාකඳුරේ මධූෂ් වැනි ප්‍රබල පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගත කිරීම තුළ ජනාධිපතිවරයාව සිටි අවධිය තුළ මෙන්ම හා ඉන් පසුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ව ඝාතනය කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ සිදු කරමින් පවතින බවත් නමුත් කිසිදු කුමන්ත්‍රණයකට තමන්ම නැවැත්විය නොහැකි බවත් එතුමන් සඳහන් කරන ලදී

පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

හිඟුරක්ගොඩ කොට්ඨාස කාන්තා බල මණ්ඩලයේ සමුළුව අද පෙරවරුවේ 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ තාරුකා මණ්ඩපයේ දී පැවැත්වුණා. ඒ සඳහා විශාල කාන්තා සහභාගීත්වයක් සිදු වූ අතර එම සුවිශේෂී සමුළුව ආමන්ත්‍රණය කරන ලද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ජනාධිපතිවරයාව සිටි වසර පහකට ආසන්න කාල පරිච්ඡේදය තුළ මත්ද්‍රව්‍ය විරෝධී සටන ඉතාම කාර්යක්ශම ආකාරයෙන් සිදු කරගෙන ගිය බවත් මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම වෙනුවෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සිදුකරන ලද අතර ම එහි දී ලොව ප්‍රථම වරට ජනාධිපතිවරයා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එයට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ බවක් ය .එවැනි තත්වයකට මුහුණ දුන් ලොව එකම ජනාධිපතිවරයා තමන් වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එපමණක් නොව මාකඳුරේ මධූෂ් වැනි ප්‍රබල පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගත කිරීම තුළ ජනාධිපතිවරයාව සිටි අවධිය තුළ මෙන්ම හා ඉන් පසුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ව ඝාතනය කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ සිදු කරමින් පවතින බවත් නමුත් කිසිදු කුමන්ත්‍රණයකට තමන්ම නැවැත්විය නොහැකි බවත් එතුමන් සඳහන් කරන ලදී

Posted by Maithripala Sirisena on Monday, June 22, 2020