පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online ක්‍රමයට
සමාජ දුරස්ථභාවයට අදාළ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව පාර්ලිමේන්තුවේ කෝප් ඇතුළු කාරක සභා රැස්වීම් සියල්ල ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට තීරණය කර ඇත.
කාරක සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ සිවිල් ජනතාවට පාර්ලිමේන්තුවට නොපැමිණ ඔන්ලයින් ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සහභාගිවීමට මේ අනුව සිදුවේ.
මේ පිළිබඳ පෙරහුරුවක් ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තු කාරක සභා ශාලාවක පැවැත්වූ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.
පාර්ලිමේන්තුව තුළ මේ වනවිට ඇත්තේ කාරක සභා කාමර අටකි. පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනවලදී ඇතිවන ඉඩකඩ ගැටලුව මෙන්ම වියදමද අවම කිරීම සඳහා කොවිඩ් වසංගතය පහව ගිය පසුවද මෙම ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සුදුසු බව මහලේකම්වරයා ප්‍රකාශ කළේය.
අජිත් අලහකෝන්
