News

ග්‍රීන් කාඩ් නිකුත් කිරීම නවතී

මේ වසර අවසන් වන තෙක් ඇමරිකාවේ රැකියා සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයින් වෙත වීසා බලපත්‍ර නිකුත් නොකිරීම සහ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන විදේශීකයින් වෙත “ග්‍රීන්කාඩ්“ නිකුත් නොකිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ තාක්ෂණ සේවකයින් ඇතුළු රැකියාවල නිරතවන විදෙස් ශ්‍රමිකයින් හට වීසා බලපත්‍ර නිකුත් නොකරන අතර අමෙරිකාව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් එරට රැකියා අහිමි පුරවැසියන්ගේ රැකියා උත්පාදනය සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.