විදේශිකයන්ට ලියාපදිංචි හෝටල් වල පමණක් නවාතැන් පහසුකම්
සෞඛ්‍ය අංශ උපදෙස් අනුව අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 5000 කට ආසන්න සංඛ්‍යාවක් පමණ වන අතර ලියාපදිංචි නොවු සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 20000ක් පමණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවල සඳහන් වේ.
මෙතෙක් ලියාපදිංචි වී නොමැති සංචාරක හෝටල් නිවස්න අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් උපදෙස් දුන් බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
අගෝස්තු මස 01 වෙනි දා සිට කණ්ඩායම් වශයෙන් සංචාරකයන් දිවයිනට ගෙන්වීමට නියමිත අතර ඒ සදහා අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇත.
දිවයිනට පැමිණෙන සියලු සංචාරකයන් ඔවුන් මෙහි රැදී සිටින කාලය තුළ පි.සී.ආර් පරීක්ෂණ 03 කට ලක් කරන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මගින් එම සංචාරකයන් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන බව ද ඇමතිවරයා සදහන් කරයි.
