News

කොරෝනා ආසාදනය වූ තවත් 22ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 22දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 1548ක් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1951ක් මෙරටින් මේ වන විට වාර්තා වී ඇති බවයි.

ඉන් ආසාදිතයින් 392දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය මුළු ආසාදිතයින් ගණන 11ක්.