මහ මැතිවරණය සදහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් රැසක් ප්‍රතික්ෂේපයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් 47,000කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නියමිත ආකාරයට සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් අයදුම්පත් 47,952ක් ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බව කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
මෙවර මහ මැතිවරණය සදහා රාජ්‍ය සේවකයන් 753,037දෙනෙකු තැපැල් ඡන්ද භාවිතා කිරීම සදහා අයදුම් කර තිබේ.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතා කිරීම ජූලි 14, 15, 16 සහ 17 යන දින ප්‍රකාශයට පත් කර ඇත. එම දිනවල ඡන්දය භාවිතා කිරීමට නෙහැකි වන තැපැල් ඡන්ද දායකයින් සදහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී ඡන්දය භාවිතා කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.
