බ්‍රසීලයේ කොරෝනා මරණ පනස්දහස ඉක්මවයි
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියත් සමග මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 9,100,994ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් තවදුරටත් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 2,312,302ක්.
ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වේ.
එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,106,470ක් වන අතර, මරණ සංඛ්‍යාව 51,271ක්.
රුසියාවෙන් ආසාදිතයින් 591,465ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 440,215ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 306,761ක් සහ පේරු රාජ්‍යයෙන් ආසාදිතයින් 257,447ක් ලෙස වාර්තා වේ.
බ්‍රසීලයට පසුව බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 42,731ක්, ඉතාලියෙන් මරණ 34,657ක් සහ ප්‍රංශයෙන් මරණ 29,666ක් වාර්තා වේ.
