News

සුවය ලැබූ ආසාදිතයන් 1602 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 40දෙනෙකු අද (25) උදෑසන 10.00 වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 1602ක් වේ.

මෙරට නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර ඉන් තවත් 21 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 811 දක්වා අද (25 ) ඉහළ ගියේය.