ශිෂ්‍යත්ව-උසස් පෙළ විභාග දින වහා දෙන්න
අ.පො.ස උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග පිළිබඳ සාකච්ඡා කර නිශ්චිත දින වකවානු හැකි ඉක්මනින් නියම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුමට පෙරේදා (24වැනිදා) පැවැති කැබිනට් රැස්වීමේ දී උපදෙස් දී ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25දා) පැවැති ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන මේ බව පැවැසුවේය.
අ.පො.ස. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දෙක සම්බන්ධයෙන් ගුරුවරුන්, සිසුන්, අධ්‍යාපනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කර අදාළ දින වකවානු හැකි ඉක්මනින් දැනුම් දෙන බව මෙහි දී අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
