News

පොලිස් වෙඩිල්ලෙන් කැටවල පිටියේ සම්පත් මරුට

ගම්පහ , මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී අද අළුයම පොලීසිය සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ පාතාල අපරාධ කල්ලිවල වෙඩික්කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් පේඩිගේ සංජීව සම්පත් හෙවත් කැටවල පිටියේ සම්පත් නමැත්තා මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි.

සැකකරු සතුව තිබී රිවෝල්වරයක් ද සිය භාරගත් බව පොලීසිය සදහන් කළේය.

මොහු ගනේමුල්ල සංජීව යන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙක් වශයෙන් ද කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.