කොළඹ ප්රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (27) පැය 18ක කාලයක් ජල සැප යුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 13, 14, 15 යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.
මීට අමතරව කොළඹ 01, 11 සහ කොළඹ 12 යන ප්රදේශ වලට අඩුපීඩනයකින් ජල සැපුයම සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.
