මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිගේ වැඩ තහනම්
මීගමුව බන්ධනාගාරය තුල සිදුවන අක්‍රමිකතා පිළිබද පළමු මාධ්‍ය අනාවරණය සිදු කරමින් අරුණ අප වාර්තා කළ පුවතින් පසුව සිදුකළ විමර්ශනයක ප්‍රථිපලයක් ලෙස මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් කර තිඛේ.
මීගමුව බන්ධනාගාරයේ තුල පසුගිය සමයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිර මැදිරි දෙකක් තුල තිබී ශීතකරණයක් ඇතුලු නවීන විදුලි උපකරණ රැසක් සොයා ගනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලික චෝදනාව එල්ල වුයේ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ වෙතයි.
