මුඛ ආවරණ නොමැතිව සිටි 1441 ක් නිරෝධායනයට
කොරෝනා වෛරස ව්‍යාප්තිය රටතුල යම් තරමක පාලනයකට නතුකර තිබුණ තවදුරටත් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපැදීම අනිවාර්ය කර තිඛේ.
ඒ අනුව මුඛ ආවරණ නොපලදින පුද්ගලයින් පිළිබද පොලිසිය විශේෂ අවධානයකින් කටයුතු කරනු ඇති.
ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1441 ක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පොලිසිය පවසයි. ඒ අතරින් වැඩි පිරිසක් නිරෝධායනයට ලක්කර ඇත්තේ බස්නාහිර පලාතෙනි.
