උසස් පෙළ විභාගය දක්වා පෝයටත් ටියුෂන්
කොවිඩ් වයිරස් තත්ත්වය මත අතපසු වූ පාඩම් වෙනුවෙන් උසස් පෙළ විභාගය දක්වා පොහොය දිනවලත් පන්ති පවත්වන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපති අමිත් පුස්සැල්ල පැවැසීය.
ඉරු දිනයන්හි පෙරවරුවේ පන්ති පැවැත්වෙන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට පමණක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.
පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පෙරේදා (29දා) පැවැති සාකච්ඡාව පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු වශයෙන් මේ බව කී අමිත් පුස්සැල්ල පොහොය දිනවල පන්ති පැවැත්වීම නතර කළේ දිගු කාලයකට පෙර යැයි ද කීවේය.
එහෙත් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ පසුගිය දිනවල අතපසු වූ පාඩම් වෙනුවෙන් පොහොය දිනවලත් පන්ති පැවැත්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද හෙතෙම පැවැසීය.
නිලන්ත මදුරාවල
