කුඩු විකිණූ පොලිසියේ තවත් 12ක් දැලේ – ලොක්කෙකුත් ඒ අතර
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විකිණීමේ චෝදනාවට එම කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 12 දෙනෙකු රහස් පොලිසිය මගින් අද(02) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිසට තවත් උප පොලිස් පරීක්ෂකයෙකු අයත් වේ.මීට පෙරද උප පොලිස් පරීක්ෂකවරයෙකු,සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කණ්ඩායම මෙහෙයවූ පොලිස් පරීක්ෂකවරයෙකු ද අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක විය.
එම පොලිස් පරීක්ෂකට අයත් පිස්තෝලයක් හා රුපියල් ලක්ෂ 11ක මුදල්ද සොයා ගැණිනි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
