වැසුණු විද්‍යා පීඨ අදියර තුනකින් අරින්න තීරණ
කොරෝනා තත්ත්වය මත වසා දැමූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මෙම මස 7 වැනිදා සිට අදියර තුනක් යටතේ විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව පළමු අදියර ලෙස මෙතෙක් පාසල්වල සීමාවාසී කාලසීමාව අවසන් නොකළ අවසන් වසර ගුරු සිසුන් 7 වැනිදා සිට 31 වැනිදා දක්වා සති තුනක කාලයක් යළිත් පාසල්වලට අනුයුක්ත කෙරේ.
මෙම සති තුනක කාලසීමාවේ දෙවැනි වසර ගුරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එම අධ්‍යයන කාල සීමාව අවසන් වීමෙන් පසු දෙවැනි අදියර ලෙස ඔවුන්ගේ සීමාවාසී කාලසීමාව අගෝස්තු මස 10 වැනිදා සිට ආරම්භ කෙරේ.
තෙවැනි අදියර වන්නේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු අගෝස්තු මස 17 වැනිදා ආරම්භ කීරීම ය.
