රුවන්පුර අධිවේගී මග ඉදිකිරීමට දේශීය බැංකු අරමුදල්
රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා දේශීය බැංකු මගින් අරමුදල් සපයා ගැනීමට රජය තීරණය කර ඇත.
විදෙස් අරමුදල් වලින් එම ව්‍යාපෘතිය සිදුකිරීමට සැලසුම් කර තිබුණ ද, එය දේශීය බැංකු අරමුදල් යටතේ කිරීම සුදුසු බව රජය සදහන් කරයි.
මෙම ඉදිකිරීම් සදහා අවශ්‍ය පියවර ගැනීමට මාර්ග හා මහමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (01) කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
