මහර බන්ධනාගාරයට ආ කුඩු දන්තාලේපය
මහර බන්ධනාගාරයට ඉතාමත් සූක්ෂම අයුරින් දන්තා ලේප ටියුබ් තුළ සඟවා මත්කුඩු ග්‍රැම් 05ක් රැගෙන ආ පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (03) පෙරවරුවේ රැදවියන් බැලීම සදහා පැමිණි පුද්ගලයෙකු විසින් දන්තා ලේප ටියුබ් තුනක් තුළ සගවා මෙලෙස මත්කුඩු රැගෙන ආ බව මහර බන්ධනාගාර නිලධාරීන් සදහන් කරයි.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ අක්‍රමිකතා වලට සම්බන්ධවීම හේතුවෙන් මහර බන්ධනාගාරය වෙත මාරුකරන ලද මොහොමඩ් කාසිම් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සදහා මේ ආකාරයට සූක්ෂම අයුරින් මත්ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ කර තිබේ.
මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා, ප්‍රධාන ජේලර් සුභාෂ් උපුල්දෙණිය මහතා, ජේලර් කේ.පි.ඩි.රංගන, නියාමක ලහිරු ලක්ෂාන් සහ නියාමක ඩි.එම් අනුරුද්ධ යන නිළධාරින් විසින් මෙම අවස්ථාවේ කටයුතු කර ඇත.

