News

සංවිධානාත්මක කල්ලි අරුණට තර්ජනය කරති

පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම වහාම නතර කරන ලෙස සඳහන් කරමින් ‘අරුණ’ පුවත්පත් කාර්යාලයට සංවිධානාත්මක කල්ලි විසින් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දීමට පටන් ගෙන ඇත.

පසුගිය සතියේ විදේශ රටක සිට ලබා දුන් ඇමතුමකින් කියැවුණේ මාසයක් ඇතුළත එම හෙළිකිරීම් නතර නොකළහොත් අදාළ තොරතුරු පුවත්පතට සපයන මාධ්‍යවේදීන් වන තිස්ස රවීන්ද්‍ර පෙරේරා හා හේමන්ත ලියනපතිරණ යන අය නිහඬ කරන බවයි.

ඊට අභියෝග කරන්නේ නම් සති දෙකක් ඇතුළත රටම හෙල්ලෙන ප්‍රවෘත්තියක් ලබා දීමට කටයුතු කරන බව ඔවුහු පැවසූහ.

මාධ්‍යවේදීන්ගේ නම් හා පදිංචි ස්ථානද සඳහන් කරමින් තර්ජනය කළ පුද්ගලයන් සඳහන් කළේ ඔවුන් ඩුබායි සිට මෙම ඇමතුම් ලබාදෙන බවයි. එහෙත් පසුව අප කළ සොයා බැලීමේදී හෙළිවුණේ නෝර්වේ හා වෙනත් රටවල දුරකථන හැක්කර මෙම ඇමතුම ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට ද අදාළ තොරතුරු සමග පැමිණිලි කිරීමට අරුණ පුවත්පත කටයුතු කළේය.