මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි ඉහළට
මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ දක්වා පැමිණිලි 1255ක් ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
ප්‍රචණ්ඩක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී තිබේ.
මේ අතර මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ , මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 94ක් ලැබී ඇති බවයි.
