රට පැනපු පාතලයන්ට දඩුවම් දෙන්න යයි
මෙරට මත්කුඩු ජාවාරම සහ පාතාලය සමග සම්බන්ධකම් පවත්වන විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඔවුන් සමග ගනුදෙනු කරන පුද්ගලයන් මෙරටට ගෙනඒම පිළිබඳව විධිමත් පරීක්ෂණ සිදුකර ඔවුන් එක්වී සිටින අපරාධ ජාලය බිඳ දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයක් යටතේ ඉදිරියේදී කටයුතු කරන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.
අගෝස්තු 05 වැනිදායින් එළැඹෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නව රජය යටතේ එම අපරාධවලට සම්බන්ධ වී ඇති පුද්ගලයන් ලංකාවේ අධිකරණයකදී වැරදිකරුවන් බවට ඔප්පු වුවහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වාම සිරදඬුවම් ලබාදීමට අවශ්‍ය නීති කටයුතු සම්පාදනය කරන බවද එහිදී ඔහු පවසා සිටියේය.
මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේ විදේශයන්හි සැඟවී සිටින මෙරටට සම්බන්ධ අපරාධකරුවන් පිළිබඳව එම රටවල්වලින් තොරතුරු ලබා ගනිමින් මෙරට පාතාලය මර්දනයට නව ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බවය.
