News

උතුරේ ආරක්ෂාවට විශේෂ මෙහෙයුමක්

පසුදින කිහිපයේ උතුරු පළාතේ පොදු ස්ථාන හා සැකකටයුතු ස්ථාන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් සිදුකළ බව උතුරේ ආරක්ෂක අංශ පවසයි.

උතුරු පළාත් ආරක්ෂක අංශ පැවැසුවේ මන්නාරම පේසාලෙයි දේවස්ථානයක් වෙත පැමිණ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයකුගේ ක්‍රියාකලාපය හා කිලිනොච්චිය ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීම් ආදී සිදුවීම් මත අදාළ පරීක්ෂා කිරීම සිදුකළ බවයි.

උතුරු පළාතේ ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් ​අමතර ආරක්ෂාවක් ලබාදී තිබූ අතර ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස්, යුද හමුදා හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිටියහ.

යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි අවස්ථාවේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පැවැසීය.