News

රටේ සමස්ත ණය ප්‍රමාණය රු. කෝටි දාහතර ලක්ෂ දෙදහස් පන්සියයක්

මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරට ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂයකින් ඉහළ ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයෙ ඊයේ (07දා) පැවැති මාධ්‍ය හමුවේ දීය.

ඒ අනුව අප්‍රේල් 30 වැනිදා වන විට මෙරට සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි දාහතර ලක්ෂ දෙදහස් පන්සියයක් වන බව ද හර්ෂ ද සිල්වා පවසයි.

එම කාලය තුළ ආදායම ලෙස ආණ්ඩුවට ලැබී ඇත්තේ රුපියල් කෝටි හතළිස් අට දහසක් පමණක් වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඒ අනුව වත්මන් ආණ්ඩුවට ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේ නොහැකියාව මෙයින් මනාව පැහැදිලි වන බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

චාමර පල්ලේගෙදර