කහ කුඩු කිලෝව 3000 දක්වා උඩ යයි
මාතලේ,දඹුල්ල,නාඋල,ගලේවෙල ආදී ප්‍රදේශවල පැවති කහ කුඩු හිඟය යළිත් උග්‍ර වී ඇති
බවත් කහ කුඩු කිලෝවක මිළ රුපියල් 3000 – 3200 ත් අතර මිළකට ඉහළ ගොස් ඇති බවත්
ව්‍යාපාරිකයෝ පවසති.
කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ඇති වූ මෙම කහ කුඩු වල හිඟය තවත් උග්‍ර වී ඇති
බවත්, පසුගිය දිනවල රුපියල් 2000-2500 ට අළෙවි වූ කහ කුඩු කිලෝව රුපියල් 3000 –
3200 ත් අතර මිළකට ඉහළ ගොස් තිබේ.
මේ වන විට දඹුල්ල නාඋල ගලේවෙල ආදී ප්‍රදේශවල කුඩා මොල් හිමියන් මේ වන විට කහ
කුඩු කිලෝවක් රුපියල් 3000 – 3200 අතර මිළකට අළෙවි කරන අතර ඔවුන් එක් අයෙකුට
කහ කුඩු අවශ්‍යතාවය වැඩි වුවත් ග්‍රෑම් 50ක් පමණක් නිකුත් කරන බවත්
පාරිභෝගිකයෝ පවසති.
(දඹුල්ල ලක්ෂික සංදීප ආරියදාස)
